ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ඉන්දියාවට ආසන්න මුහුදු ප්රදේශයේ රැඳී සිටින ශ්රී ලාංකික බහුදින ධීවර යාත්රා 25කට ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර ලබාදී තිබේ.ශ්රී ලංකා රජය විසින් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම අවසරය හිමිව ඇති බව වාර්තා වේ.බෙංගාල බොක්ක ආශ්රිතව වර්ධනය වී ඇති ඔර්නබ් සුළි කුණාටු තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ධීවර යාත්රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය මෙම පියවර ගෙන තිබේ.එමෙන්ම, බලපෑමට ලක්වූ මුහුදු ප්රදේශවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස අදාළ යාත්රාවලට දැනුම් දී ඇත.පවතින කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී නිකුත් කෙරෙන අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ධීවර අමාත්යාංශය සමස්ත ධීවර ප්රජාවගෙන් ඉල්ලා සිටියි.

