Thursday, March 26, 2026
Homeසියලුම පුවත්රු. 4,000ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

රු. 4,000ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

රුපියල් 4,000ක අල්ලස් මුදලක් ලබාගත් අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සැරයන්වරයෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අක්කරපත්තුව ප්‍රදේශයේ ව්‍යාපාරියෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුව සිදුකර ඇත.
පැමිණිලිකරු පදවා ගෙන ගිය යතුරුපැදියෙන් ඔහුගේ මව වැටී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් 119ට ලැබුණු පැමිණිල්ලක් හේතුවෙන්, එම සිද්ධිය නීතිමය ක්‍රියාමාර්ගවලින් වළක්වා ගැනීම හා භාරයට ගත් රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා සැකකරු මෙම මුදල ඉල්ලා ඇති බව පැවසේ.
ඒ අනුව, රුපියල් 5,000ක් ඉල්ලා එහි රු.1,000ක් ලබාගෙන බලපත්‍රය මුදා හැර ඇති අතර, ඉතිරි රු.4,000 අල්ලස් ලෙස ලබාගැනීමේදී අද පෙ.ව. 10.12ට පමණ අක්කරපත්තුව රෝහලේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments