බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (27) දිනයේ “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවවාදාත්මක නිවේදනයක් අනුව, මෙම තත්ත්වය සෞඛ්‍යයට බලපෑම් ඇති කළ හැකි බැවින් ජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතුය.
වාර්තා අනුව, උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතින අතර, එය “අවධානය යොමු කළ යුතු” මට්ටමක් ලෙස සැලකේ.
පවතින වැසි නොමැති කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම්ද අඩුවෙමින් පවතින අතර, ජනතාවගේ දෛනික ජීවිතයටද අසීරුතා මතුවී ඇති බව සඳහන් වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට උපදෙස් දෙමින්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ සහිත ස්ථානවල විවේක ගැනීම සහ අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැදගත් බව පෙන්වා දෙයි.
එමෙන්ම, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වීමත්, කුඩා ළමුන් වාහන තුළ තනියම නොතැබීමත් අවශ්‍ය බවද අවධාරණය කර ඇත.
පළාත් කිහිපයක උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක

