Friday, March 27, 2026
Homeසියලුම පුවත්මැයි මාසය තෙක් රස කැවිලි මිල වැඩි නොවේ

මැයි මාසය තෙක් රස කැවිලි මිල වැඩි නොවේ

බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදනවල මිල එළඹෙන මැයි මාසය දක්වා වැඩි නොකරන බව ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (26) වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකදීය.
අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ වර්තමාන ආර්ථික තත්ත්වය යටතේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම ජනතාවට දැඩි පීඩාවක් වන බවයි. ඒ අනුව කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් දෙපාර්ශවයම ආරක්ෂා වන ලෙස විසඳුම් සොයන බවද සඳහන් විය.
රස කැවිලි හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ, අමුද්‍රව්‍ය මිල ඉහළ ගියද, කොවිඩ් කාලයෙන් පසුව මේ දක්වා නිෂ්පාදන මිල වැඩි නොකළ බවයි. දැනට සීමිත ලාභයක් යටතේ කර්මාන්තය පවත්වාගෙන යන බවද ඔවුන් සඳහන් කරයි.
ඒ අනුව අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් කිසිදු මිල වැඩි කිරීමක් සිදු නොකරන බවත්, මැයි මාසයෙන් පසුව ගෑස්, විදුලිය හා අමුද්‍රව්‍ය මිල තවදුරටත් ඉහළ ගියහොත් පමණක් මිල සංශෝධනයක් සිදු කිරීමට සිදුවිය හැකි බවත් ඔවුන් පවසයි.
එමෙන්ම අමුද්‍රව්‍ය රේගුවෙන් නිදහස් කිරීමේදී ඇතිවන ප්‍රමාද, නාවික ගාස්තු වැඩිවීම සහ ඉන්ධන සැපයුම් ගැටලු පිළිබඳවද අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments