කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවයි.
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසු ස්ථානික වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් ප්‍රධාන වශයෙන් වියලි කාලගුණ තත්ත්වයක් පවතින අතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අළුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැක.
කාලගුණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු ආසාදිත අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගැනීමයි.
දිවයිනේ සමහර ප්‍රදේශවල පස්වරු 2ට පසුව වැසි

