Artemis II මෙහෙයුමේ ගගනගාමීන් විසින් ලබාගත් පෘථිවියේ පළමු ඡායාරූප පෙළ නාසා ආයතනය අද (03) නිල වශයෙන් නිකුත් කර තිබේ.
නාසා ආයතනය එම ඡායාරූපය “ඒ අපි!” යන ශීර්ෂය සමඟ සිය X ගිණුම ඔස්සේ හුවමාරු කර ඇත.
1972න් පසු සඳ වෙත ගමන් කරන ඔරායන් යානය මෙහෙයුමේ පළමු දිනයේ පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් ජීවිත ආධාරක සහ වායු පද්ධති ඇතුළු ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ඇත.
යානය අභ්‍යවකාශගත වී පැය කිහිපයකින් වැසිකිළි පද්ධතියේ ගැටළුවක් මතුවූවද, පාලක මැදිරියේ සහය ඇතිව එය නිරාකරණය කර තිබේ.
ඉන් අනතුරුව යානය පෘථිවි කක්ෂයෙන් ඉවත්වී සඳ වෙත ගමන් කිරීම ආරම්භ කර ඇති අතර, ගගනගාමීන් සිව්දෙනාම සෞඛ්‍ය සම්පන්නව සිටින බව නාසා ආයතනය පවසයි.
මෙහෙයුමේ පළමු දින අවසානයේ ඔවුන් වීඩියෝ ඇමතුමක් මඟින් නාසා ආයතනය සමඟ සම්බන්ධ වී අත්දැකීම් හුවමාරු කරගෙන ඇති අතර, තවත් දින කිහිපයකින් යානය සඳ ආසන්නයට ළඟාවීමට නියමිතය.
Artemis II ගගනගාමීන්ගෙන් පෘථිවියේ පළමු ඡායාරූප

