පෙරහැර මංගල්‍යයක් සඳහා ලොරි රථයකින් රැගෙන යමින් සිටි අලියෙකු මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා තිබේ.
කෑගල්ල, රන්දෙණිය ප්‍රදේශයේ සිට මනම්පිටිය දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සඳහා මෙම අලියා රැගෙන යමින් සිට ඇති බව වාර්තා වෙයි.
ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අලියා වාහනයෙන් බස්සවා පාරෙන් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී දඹුල්ල සිට කුරුණෑගල දෙසට ධාවනය වූ වැලි ටිපර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් අලියා මීටර් 50ක් පමණ ඇදී ගොස් ඇති අතර, ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

