Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්දහම්පාසල් ගුරු සහතික විභාග අයදුම් කාලය දිර්ඝ කෙරේ

දහම්පාසල් ගුරු සහතික විභාග අයදුම් කාලය දිර්ඝ කෙරේ

දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගයට 2026 සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය දිර්ඝ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලෙස එළැඹෙන අප්‍රේල් 30 දක්වා කාලය දීර්ඝ කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම විභාගය සඳහා අයදුම්පත් මාර්ගගතව මාර්තු 11 සිට අප්‍රේල් 20 දක්වා භාර ගැනීමට පහසුකම් සලසා තිබූ අතර, දහම්පාසල් ප්‍රධානාචාර්යවරුන්ගේ ඉල්ලීම් අනුව මෙම කාලය වැඩි කර ඇත.
අදාළ අයදුම්පත් හා උපදෙස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන්, දහම් පාසල් වෙබ් අඩවියෙන් සහ “Dhamma School” යෙදුම හරහා ලබාගත හැකි බවද දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments