බ්‍රිතාන්‍යයේ රජු වන King Charles III සහ Queen Camilla නිල සංචාරයක් සඳහා අද (27) අමෙරිකාවට පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති Christian Turner මහතා ප්‍රකාශ කර තිබේ.
දින හතරක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වන අතර, ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති Donald Trump විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින පිළිගැනීමට නියමිතය.
තුන්වන චාල්ස් රජු අද අමෙරිකාවට – රාජ්‍ය සංචාරයක් ආරම්භ වෙයි

