වැඩි මිලට සහල් සහ පානීය ජල බෝතල් අලෙවි කළ වෙළෙඳසැල් කිහිපයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නීතිමය පියවර ගෙන තිබේ.
මහනුවර, ත්‍රිකුණාමලය, ගාල්ල, තංගල්ල, ගිරාඳුරුකෝට්ටේ සහ හපුතලේ ආදී ප්‍රදේශවල සිදුකළ හදිසි වැටලීම්වලදී පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ බව අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ වෙළෙඳසැල් හිමියන්ට අධිකරණය විසින් රුපියල් ලක්ෂ 1 සිට ලක්ෂ 5 දක්වා දඩ මුදල් නියම කර තිබේ.
එමෙන්ම වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයින්ටද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, හපුතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 10ක දඩයක් සහ අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇත.
වැඩි මිලට සහල් හා ජල බෝතල් විකුණූ වෙළෙඳසැල්වලට දඩ

