Homeසියලුම පුවත්කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

කම්කරු දිනය වෙනුවෙන් හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (01) ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයින පුරා මැයි දින රැලි, පෙළපාලි සහ උත්සව පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
ප්‍රධාන මැයි දින උත්සව බොහොමයක් කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, අනෙකුත් ප්‍රදේශවලද විවිධ සංවිධාන මගින් උත්සව සංවිධානය කර තිබේ.
මෙම අවස්ථාවලදී සාමාන්‍ය ජනතාවට අඩු අවහිරතාවයක් ඇතිවන පරිදි රථවාහන පාලනය, ආරක්ෂාව සහ මාර්ග සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එමෙන්ම, ප්‍රධාන රැලි හා පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට හෝ මාර්ග වෙනස් කිරීමට සිදුවිය හැකි බැවින්, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments