Homeසියලුම පුවත්මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරීන් රිමාන්ඩ්

තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ආ බවට චෝදනා ලැබූ චීවරධාරීන් දෙදෙනා අද (02) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම සැකකරුවන් ඉකුත් අප්‍රේල් 25 වැනිදා කටුනායක ගුවන්තොටුපොළේදී ‘කුෂ්’ සහ ‘හෑෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, අමිතානන්ද නමැති චීවරධාරියෙකු මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. ඔහු ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, හෙට (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
එමෙන්ම, මෙම ජාවාරමට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයෙකුද අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments