Homeසියලුම පුවත්සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණයට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණයට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

නලින්ද ජයතිස්ස මහතාගේ යෝජනාවකට අනුව, දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන්නේ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා ජනතාවට වඩාත් කාර්යක්ෂමව සහ සමීපව ලබාදීම මෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින සම්බන්ධීකරණ ගැටලු අවම කිරීමයි.
ඒ අනුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස මන්ත්‍රීවරුන් පත්කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය අවශ්‍යතා හඳුනාගැනීම, සම්පත් කාර්යක්ෂමව යෙදවීම සහ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම වැනි වගකීම් පැවරීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම නව ක්‍රමවේදය හරහා ජනතාවට වඩාත් ගුණාත්මක සහ විශ්වාසනීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම අපේක්ෂා කරන බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments