Homeසියලුම පුවත්නිසි යෝග්‍යතා සහතික නොමැති වාහනවලට එරෙහිව පොලීසියෙන් දැඩි පියවර

නිසි යෝග්‍යතා සහතික නොමැති වාහනවලට එරෙහිව පොලීසියෙන් දැඩි පියවර

මෝටර් වාහනවල අන්තරාදායක නවීකරණයන් සහ නීතිවිරෝධී සවිකිරීම් සිදුකර ඇති වාහන සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.
විශේෂයෙන්ම සයිලන්සර් වෙනස් කර අධික ශබ්ද නිකුත් කිරීම, අතිරේක ලයිට් සහ නීතිවිරෝධී උපාංග සවිකිරීම, වාහනවල වර්ණ හා සැලසුම් වෙනස් කිරීම මෙන්ම අන්තරාදායක කොටස් සවිකිරීම වැනි ක්‍රියා මෙයට ඇතුළත් වේ.
මෑතකදී සිදුවූ අනතුරු විමර්ශනයේදී, නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කළ නවීකරණය කළ වාහන හේතුවෙන් මාරාන්තික අනතුරු සිදුව ඇති බවද පොලීසිය පෙන්වා දෙයි.
ඒ අනුව, වාහනවලින් කළු දුම පිටවීම වැනි නීති උල්ලංඝන පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීමටද 070 350 0525 යන WhatsApp අංකය හඳුන්වා දී ඇත.
මෝටර් වාහන ආඥා පනත අනුව, මාර්ග භාවිතා කරන්නන්ට අනතුරක් නොවන තත්ත්වයක නොමැති වාහන ධාවනය කිරීම නීති විරෝධී බවද පොලීසිය අවධාරණය කරයි

RELATED ARTICLES

Most Popular

Recent Comments