ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අඩුපීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
එමෙන්ම, මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විශේෂ අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලා සිටී.
අඩුපීඩන කලාපයේ බලපෑමෙන් වැසි තත්ත්වය තවදුරටත්

