සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ශක්තිමත් හා කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යාම සඳහා සත්‍ය සහ නිවැරදි දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවයි.
ඔහු සඳහන් කළේ වත්මන් රජය භාවිත කරන ඇතැම් සංඛ්‍යාලේඛන සහ තොරතුරු මහපොළොවේ යථාර්ථය සමඟ නොගැළපෙන බවයි.
අද (15) තිස්සමහාරාම ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළ අතර, ජනතාවගේ සැබෑ ජීවන වියදම සැලකිල්ලට ගෙන දත්ත පදනම් කරගත් තීරණ ගැනීම රජය සිදුකළ යුතු බවද අවධාරණය කළේය
බොරු දත්ත මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා – විපක්ෂනායක

