2022 වසරේ ආර්ථික අර්බුද කාලයේ ගාල්ල කොටුව අසල නීතිඥවරුන් පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවයකට පොලීසිය විසින් බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශය භාර ඉහළ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ.
එම විරෝධතාවට බාධා කරමින් විරෝධතා පුවරු ඉරා දැමූ බවට චෝදනා කරමින් නීතිඥවරු දෙදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) විභාගයට ගත් අවස්ථාවේදී මෙම සමාව ඉල්ලීම සිදුකර ඇත.
වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ පොලිස් ස්ථානාධිපති අධිකරණයට පෙනී සිට ඇති අතර, රජයේ නීතිඥවරිය ඔවුන්ගේ සමාව ඉල්ලීම අධිකරණයට දැනුම් දී තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එම සමාව භාරගැනීමට එකඟතාවය පළ කිරීමත් සමඟ අධිකරණය නඩු විභාගය අවසන් කර ඇත.
ගාල්ල විරෝධතා සිද්ධියට පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී සමාව ඉල්ලයි

