Homeසියලුම පුවත්ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 342 ඉක්මවයි

අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (20) දිනයේදී ශ්‍රී ලංකා රුපියල් 342 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.08ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 342.70ක් ලෙසත් සටහන් වී ඇත.
ඊයේ (19) දිනයේදී ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.23ක් වූ අතර විකුණුම් මිල රුපියල් 338.07ක් ලෙස දැක්වුණි.
මේ අතර, අද දිනයේ රාජ්‍ය බැංකුවක ඩොලරයක විකුණුම් මිල රුපියල් 345.20ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ගැනුම් මිල රුපියල් 335.65ක් ලෙස සටහන් වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments