Homeසියලුම පුවත්මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

රට තුළ කියවීමේ සංස්කෘතිය ක්‍රමයෙන් වියැකී යමින් තිබියදීත් දමිළ ජනතාව තවමත් කියවීම සඳහා දක්වන උනන්දුව අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මඩකළපුව මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල අද (20) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම නව ගොඩනැගිල්ල ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින් අද පෙරවරුවේ විවෘත කෙරිණි.
පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව අඩු කිරීමක් බව පැවසූ ජනාධිපතිවරයා, මෙම නව ගොඩනැගිල්ල දමිළ ජනතාවගේ කියවීමේ සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවද සඳහන් කළේය.
අතරමග නතරව තිබූ මෙම ඉදිකිරීම් සාර්ථකව අවසන් කිරීමට හැකිවීම පිළිබඳවද ජනාධිපතිවරයා සතුට පළ කළේය.
මෙම අවස්ථාවට සමගාමීව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් දියත් කෙරුණු අතර, ළමුන් සඳහා විද්‍යා හා තාක්ෂණික දැනුම ලබාදීම වෙනුවෙන් විශේෂ ඒකකයක්ද නව ගොඩනැගිල්ල තුළ ස්ථාපිත කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments