මෙම වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
යාපනයේ ජාතික ජන බලවේගයේ නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය අයවැයෙන් පළාත් සභා මැතිවරණය සඳහා මුදල් වෙන්කර තිබුණද, ‘දිට්වා’ කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් රුපියල් බිලියන 500ක පමණ මුදලක් ආපදා සහන කටයුතු සඳහා වෙන් කිරීමට සිදුවූ බව ටිල්වින් සිල්වා මහතා පැවසීය.
එමෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු නීතිමය රාමුව සම්බන්ධයෙන්ද ගැටලු පවතින බැවින් ඒ පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත්, අදාළ ගැටලු නිරාකරණය වුවහොත් ලබන වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දියාවෙන් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවත්, දෙරට අතර හොඳ සහයෝගීතාවයක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපැවැත්වෙන බව ටිල්වින් කියයි

