Homeසියලුම පුවත්පළාත් සභා මැතිවරණයට ප්‍රතිපාදන ගැටලුවක් නැහැ - නලින්ද

පළාත් සභා මැතිවරණයට ප්‍රතිපාදන ගැටලුවක් නැහැ – නලින්ද

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දැනටමත් වෙන්කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට බාධාව වී ඇත්තේ මූල්‍ය ප්‍රතිපාදන නොව නීතිමය ගැටලු බවයි.
එම නීතිමය බාධක නිරාකරණය කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තු කාරක සභාවක් ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සම්පූර්ණ වූ වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
එමෙන්ම, වත්මන් රජය මාස අටක කාලයක් තුළ මැතිවරණ දෙකක් පවත්වා ඇති බවත්, ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරමින් පළාත් සභා මැතිවරණයද කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments