Homeසියලුම පුවත්ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ ණය ගැනීම සීමා කිරීමයි - මහ...

ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ ණය ගැනීම සීමා කිරීමයි – මහ බැංකු අධිපති

ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධාන අරමුණ අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රවණතාව අඩු කිරීම බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ යාමත් සමඟ වෙළඳපොළ පොලී අනුපාතිකද ඉහළ යන අතර එමඟින් අධික ලෙස ණය ලබා ගැනීම පාලනය කිරීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විටත් වර්ධන මාර්ගයේ පවතින බවත් ඉදිරි කාර්තු දෙක තුළද ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, වාහන මිලදී ගැනීම සඳහා ණය ලබා ගැනීමේදී නව බදු හේතුවෙන් වෙළඳපොළේ කෘත්‍රිම ලෙස මිල ඉහළ යාමේ අවදානමක් පවතින බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ණය ගන්නා පුද්ගලයන් සහ බැංකු පද්ධතිය යන දෙපාර්ශවයටම ඇති විය හැකි අවදානම් අවම කිරීම සඳහා, අදාළ ණය අනුපාත සීමාව 50% සිට 40% දක්වා පහළ දැමූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments