වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා භාවිත වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන වැරදි දැනුවත් කිරීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී තිබේ.
කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සහ ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කොමිසමේ නිලධාරීන් නොවන පුද්ගලයින් විසින් විවිධ උපදෙස් සහ දැනුවත් කිරීම් ලබාදෙන බව නිරීක්ෂණය වී ඇති බවයි.
එම දැනුවත් කිරීම් අතර නිවැරදි නොවන තොරතුරු සහ වැරදි ක්‍රියාමාර්ග අඩංගු වන බැවින්, එවැනි බාහිර උපදෙස් සම්බන්ධයෙන් කොමිසම කිසිදු වගකීමක් නොදරන බවද සඳහන් කර තිබේ.
වත්කම් හා බැරකම් ප්‍රකාශ පද්ධතිය සම්බන්ධ ගැටලු හෝ තොරතුරු සඳහා කොමිසමේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශය වෙත පමණක් සම්බන්ධ වන ලෙස දැනුම් දී ඇති අතර, ඒ සඳහා 076 701 1954 සහ 011 258 7284 යන දුරකථන අංක භාවිත කළ හැකි බවද කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.
වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධ වැරදි දැනුවත් කිරීම් ගැන අල්ලස් කොමිසමෙන් අනතුරු ඇඟවීමක්

