Homeසියලුම පුවත්ද්විත්ව ඝාතන සැකකරු මහනුවර රෝහලෙන් පලා යයි

ද්විත්ව ඝාතන සැකකරු මහනුවර රෝහලෙන් පලා යයි

හැටන් දික්ඔය ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයට අදාළ සැකකරු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (27) අලුයම පලාගොස් ඇති බව පොලීසිය පවසයි.
ජුනි 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (26) මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබූ අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන් මඟහැර පලාගොස් ඇති බව වාර්තා වෙයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් හා බන්ධනාගාර නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද සඳහන්ය.
මෙම සැකකරු මීට පෙර බගවන්තලාව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
එමෙන්ම, ඝාතනය සහ සොරකම තම බිරිඳගේ ණය මුදලක් පියවීම සඳහා සිදුකළ බවට සැකකරු ප්‍රකාශ කර ඇති අතර, බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු බිරිඳ ඝාතනය කරන බවටද තර්ජනය කර තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments