නවසීලන්තයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙනුවෙන් එරට විදේශ කටයුතු හා වෙළෙඳ අමාත්‍යාංශය විසින් සාම්ප්‍රදායික පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, නවසීලන්තයේ නිල සංචාරයක් ආරම්භ කරමින් මෙවැනි චාරිත්‍රානුකූල පිළිගැනීමක් හිමි වූ පළමු ශ්‍රී ලාංකික විදේශ අමාත්‍යවරයා තමන් බවයි.
එමෙන්ම, මෙම ගෞරවාන්විත පිළිගැනීම ලැබීම සම්බන්ධයෙන් සිය කෘතඥතාව ද පළ කර තිබේ.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය විසින් කළ ආරාධනයකට අනුව අමාත්‍යවරයා එළැඹෙන 3 වැනිදා දක්වා දෙරටේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
එම සංචාරය අතරතුරදී ඔහු වින්ස්ටන් පීටර්ස් සහ පෙනී වොන්ග් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව වාර්තා වෙයි.
විජිත හේරත්ට නවසීලන්තයේදී විශේෂ සාම්ප්‍රදායික පිළිගැනීමක්

