චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වූ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදෙස් ගමන් බලපත්‍ර ඔහු භාරයේ රඳවාගෙන සිට ඇති අතර, ඒවා නිදහස් කිරීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් ඉල්ලා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම මුදල් ඉල්ලීම කාන්තාවක් මාර්ගයෙන් සිදුකර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.
චීන ජාතිකයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර රඳවාගත් වැලිකඩ OIC අත්අඩංගුවට

