Homeසියලුම පුවත්රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ස්ථාන රැසක් වසා දැමේ

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් ස්ථාන රැසක් වසා දැමේ

2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මස් මාංශ අලෙවිසැල්, සතුන් ඝාතනය කරන ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ අද (27) සිට ජූනි 2 දක්වා වෙසක් සතිය පුරා මෙම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම මැයි 30, 31 සහ ජූනි 1 යන දිනයන්හි දිවයින පුරා මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය අත්හිටුවීමටත් පියවර ගෙන තිබේ.
රේස් බුකි, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා ද එම කාලසීමාව තුළ වසා තැබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments