Homeසියලුම පුවත්රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණයෙන් හෙළිවූ කම්පනකාරී තොරතුරු

රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණයෙන් හෙළිවූ කම්පනකාරී තොරතුරු

මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක ඇති වූ ගින්නක දුම ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කම්පනකාරී තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, දරුවන්ගේ පියා හෝටල් කාමරයේ දොර පිටතින් වසා දමා ගොස් සිටියදී එහි තිබූ මෙට්ටයකට ගිනි ඇවිලීමෙන් ඇති වූ අධික දුම හේතුවෙන් දරුවන් මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, පෙර වාර්තා වූ කරුණු වලට පරස්පර තොරතුරු රැසක් හෙළිවී ඇති අතර සැකකාර පියා ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පෙරදී දරුවන්ගේ මව පිළිකා රෝගයෙන් පෙළෙන බව පවසමින් ඔවුන් මඩකලපුවට පැමිණ ඇති බව වාර්තා වුවද, පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මවට එවැනි රෝගී තත්ත්වයක් නොමැති බවයි.
තවද, සැකකරු බිරිඳට පිළිකාවක් ඇති බව පවසා දරුවන් දෙදෙනා සමඟ විවිධ ප්‍රදේශවල සිඟමනේ යෙදී මුදල් උපයාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
සැකකරු භාවිත කර තිබූ ජාතික හැඳුනුම්පතද වෙනත් පුද්ගලයෙකුට අයත් අස්ථානගත වූ එකක් බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments