Homeසියලුම පුවත්අයිස් සමඟ සැකකරුවෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

අයිස් සමඟ සැකකරුවෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

දෙමටගොඩ චමින්දගේ සමීපයෙකු බවට සැක කෙරෙන, පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමඟ නාවලපිටිය පොලිසිය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගැනීමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එහිදී තුවාල ලැබූ එක් නිලධාරියෙකු නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments