Homeසියලුම පුවත්බස් රථයක් පෙරළී 26කට තුවාල

බස් රථයක් පෙරළී 26කට තුවාල

මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදී අද (29) දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර කාන්තාවන් 11 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.
තුවාලකරුවන් අතර මාස 5ක් පමණ වයසැති බිලිඳෙකුද සිටින බව සඳහන්ය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොනරාගල සිට කොටියාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකි.
බස් රථයේ රියදුරුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් අනතුරට හේතුව වී ඇති බවට සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments