Homeසියලුම පුවත්ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන සමුළුව අදින් ඇරඹෙයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 114 වන සමුළුව අදින් ඇරඹෙයි

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වන වාර්ෂික සමුළුව අද (01) සිට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වී තිබේ.
මෙම සමුළුව සඳහා සහභාගී වීමට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (31) දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
“සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව ජුනි 12 දක්වා ක්‍රියාත්මක වේ.
රටවල් 187ක රජයන්, සේවායෝජකයන් සහ කම්කරුවන් නියෝජනය කරන පිරිස් එක්වන මෙම සමුළුව, ගෝලීය කම්කරු ප්‍රතිපත්ති හා කම්කරු ගැටලු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ ප්‍රධාන ජාත්‍යන්තර වේදිකාවක් ලෙස සැලකේ.
ඩිජිටල් ආර්ථිකය තුළ රැකියා ප්‍රවර්ධනය, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව, සමාජ සංවාදය සහ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments