ජාත්‍යන්තර වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, අමෙරිකානු බොරතෙල් මිල දර්ශකය ඩොලර් 2.37කින් ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු ඩොලර් 89.73ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, බ්‍රෙන්ට් බොරතෙල් මිල දර්ශකයද ඩොලර් 2.16කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 93.28ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යයි

