සංචාරක වීසා යටතේ ශ්‍රී ලාංකිකයින් ඩුබායි සහ මොල්ඩෝවා රටවල රැකියා සඳහා යොමු කළ බවට චෝදනා එල්ල වී ඇති රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් “ඩුබායි සුද්දා” අද (01) අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් කඩුවෙල ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඩුබායි රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන රැකියාව ලබා නොදුන් බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම මෙහෙයුම සිදුකර ඇත.
විමර්ශන නිලධාරීන් මගහැර පෞද්ගලික රථයකින් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (02) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඩුබායි සුද්දා” කඩුවෙලදී අත්අඩංගුවට

