තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (04) පෙරවරු 10.30 සිට හෙට (05) පෙරවරු 10.30 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන අතර, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.
එමෙන්ම එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, මන්නාරම සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2ත් 3ත් අතර ඉහළ යාමේ අවදානමක් පවතින බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවල නිරත පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.
තද සුළං සහ රළු මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

