කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර හා සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කරන බවද සඳහන් වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු-මැද පළාත් සහ හම්බන්තොට, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමනු ඇතැයි දැනුම් දී තිබේ.
සෙසු ප්රදේශවලද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයක තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි

