ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වායු කාන්දුවක් සම්බන්ධයෙන් එහි රැඳී සිටින ගගනගාමීන්ට තම අභ්‍යවකාශ යානාවල නවාතැන් ගෙන සිටින ලෙස NASA ආයතනය දැනුම් දී තිබේ.
එමෙන්ම හදිසි අවස්ථාවක් ඇති වුවහොත් මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ලෙසද ඔවුන්ට උපදෙස් ලබාදී ඇත.
නාසා ආයතනය සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසට අයත් “ස්වෙස්ඩා” සේවා මොඩියුලයේ උමං කොටසක කලක සිට ඉරි තැලීම් සහ වායු කාන්දුවීම් වාර්තා වී ඇති බවයි.
නව කාන්දුවීම් හඳුනාගැනීමෙන් අනතුරුව රුසියානු කාර්ය මණ්ඩලය විසින් පුළුල් අලුත්වැඩියා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එම කටයුතු අතරතුර ආරක්ෂිත පියවරක් ලෙස මෙම උපදෙස් නිකුත් කර තිබේ.
මේ අතර, මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් හත්දෙනාගෙන් පස්දෙනෙකුට ආරක්ෂිත පියවරක් ලෙස SpaceX සමාගමේ Crew Dragon “Freedom” අභ්‍යවකාශ යානය තුළ රැඳී සිටින ලෙසද උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වායු කාන්දුවක් හේතුවෙන් අභ්‍යවකාශ ගගනගාමීන්ට නාසා ආයතනයෙන් විශේෂ උපදෙස්

