Homeසියලුම පුවත්අතුරුදන් වූ අඩවි වන කාර්යාල සේවකයාගේ සිරුර ළිඳකින් සොයාගනී

අතුරුදන් වූ අඩවි වන කාර්යාල සේවකයාගේ සිරුර ළිඳකින් සොයාගනී

අතුරුදන්ව සිටි අඩවි වන කාර්යාල සේවකයෙකුගේ මළසිරුර එම කාර්යාලය ආසන්නයේ පිහිටි ළිඳකින් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඉකුත් 05 වැනිදා සිට අතුරුදන්ව සිටි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ජයපුරම් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිස් නිල සුනඛයන්ගේ සහාය ඇතිව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අතුරුදන් වූ පුද්ගලයාගේ ජංගම දුරකථනය කාර්යාල පරිශ්‍රය පිටුපසින් සොයාගෙන ඇති අතර, ඒ ආසන්නයේ තිබූ ළිඳක් පරීක්ෂා කිරීමේදී මෘතශරීරය හමුවී තිබේ.
මියගොස් ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, ජයපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments