ස්පාඤ්ඤයේ සතියක නිල සංචාරයක නිරත වන ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේ අද (07) මැඩ්රිඩ් අගනුවරදී පැවැත්වූ එළිමහන් දේව මෙහෙයට මිලියන 1.2ක පමණ විශාල ජනකායක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
මෙම විශේෂ ආගමික මෙහෙයට ස්පාඤ්ඤයේ 6 වන ෆෙලිපේ රජු සහ ලෙටිසියා රැජින ද එක්ව සිට තිබේ.
සංචාරය අතරතුර මැඩ්රිඩ්හි සාන්තියාගෝ බර්නාබියු ක්රීඩාංගණය අසල පැවති යාඥා මෙහෙයටද ලක්ෂ ගණනක් සහභාගී වූ අතර, එම පිරිසෙන් වැඩි පිරිසක් තරුණයන් බව සඳහන් වේ.
ඉදිරියේදී බාසිලෝනාහි සග්රදා ෆැමිලියා බැසිලිකාවේ නව කුළුණක් විවෘත කිරීම ඇතුළු තවත් ආගමික හා නිල වැඩසටහන් කිහිපයකටද පාප් වහන්සේ සහභාගී වීමට නියමිතය.
එමෙන්ම ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇති බැවින්, එය ලොව පාර්ලිමේන්තුවක් ඇමතූ පළමු පාප් වහන්සේ ලෙස 14 වන ලියෝ පාප් වහන්සේගේ ඉතිහාසගත අවස්ථාවක් වනු ඇති බවද වාර්තා වේ.
පාප් වහන්සේගේ මැඩ්රිඩ් දේව මෙහෙයට මිලියන 1.2ක ජනකායක්

