Homeසියලුම පුවත්දිවයින වටා මුහුද රළු වෙයි - ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

දිවයින වටා මුහුද රළු වෙයි – ධීවර ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුද රළු වීමේ අවදානමක් පවතින බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
කන්කසන්තුරය, යාපනය, මන්නාරම සිට කල්පිටිය දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60–70 දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ ඉතා ඉහළ මට්ටමට එසවීමේ අවදානමක්ද පවතින බව සඳහන් වේ.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල කුඩා යාත්‍රා සහ සාම්ප්‍රදායික ධීවර යාත්‍රා නැවත දැනුම්දෙන තුරු මුහුදු ගමන්වලින් වළකින්නැයි බලධාරීන් ඉල්ලා සිටී.
කල්පිටිය සිට හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලද සුළං තත්ත්වය වැඩිවිය හැකි බවත්, ධීවරයින් මුහුදු යාමට පෙර අවදානම් තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් දන්වා ඇත.
එමෙන්ම, ධීවර කටයුතුවලදී ජීවිතාරක්ෂක කබා (Life Jackets) අනිවාර්යයෙන් පැළඳ සිටිය යුතු බවද නැවතත් අවධාරණය කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments