Friday, January 23, 2026
Homeදේශපාලනමහින්ද අමරවිරත් ඉල්ලා අස්වීමට සුදානම් බව දැනුම් දෙයි

මහින්ද අමරවිරත් ඉල්ලා අස්වීමට සුදානම් බව දැනුම් දෙයි

මෙරටට ළගා වූ පොහොර නැව නිල වශයෙන් භාරගැනීමෙන් පසු තමා කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ඉන්දියාවෙන් ලද යූරියා මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණය අද (10) උදැසන ගොවීන්ට ලබාදීමට අවශ්‍ය වැඩ කටයුතු සිදුකිරීමෙන් පසු පෙරවරු 09ට ඉල්ලා අස්වීම නිළ වශයෙන් දැනුම් දෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පැය 24 ක් තුළ ශ්‍රී ලංකාවේ ඉල්ලා අස් වන 04 වන අමාත්‍යවරයා වන්නේ මහින්ද අමරවීර මහතායි.

මේ වනවිට බන්දුල ගුණවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරු ද සිය ඉල්ලා අස්වීම් ප්‍රකාශයට පත්කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments