Homeසියලුම පුවත්විශේෂ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 30ක් හඳුනාගනී

විශේෂ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 30ක් හඳුනාගනී

දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන විශේෂ මෙහෙයුම් මගින් අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 30 දෙනෙකු සෘජුව හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ඊයේ (09) දිනයට අදාළ වාර්තාව අනුව පුද්ගලයින් 27,806 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, සැකපිට පුද්ගලයින් 592 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාල මර්දනය කිරීමේ අරමුණින් මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද පොලීසිය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments