Homeසියලුම පුවත්හෙට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (11) දිනයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව, මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල පිහිටි ප්‍රදේශ කිහිපයකට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.
හෙට පස්වරු 7.00 සිට අනිද්දා (12) පෙරවරු 7.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට අදාළ ජල නල විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments