2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවීමට ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව, පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු සඳහා සහභාගි වීමට අපේක්ෂා කරන පරීක්ෂකවරුන්ට මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව නිවේදනය කර ඇත.
අයදුම්පත් භාරගැනීම ඊයේ (09) ආරම්භ කර ඇති අතර, එය මෙම මස 22 වනදා දක්වා විවෘතව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීම් පරීක්ෂකවරුන්ට දැනුම්දීමක්

