Homeසියලුම පුවත්ඩෙංගු මර්දන මෙහෙයුමෙන් කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී

ඩෙංගු මර්දන මෙහෙයුමෙන් කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගනී

තෙදිනක් පුරා ක්‍රියාත්මක කළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6,268ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය 08 වැනිදා ආරම්භ කළ මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කර තිබේ.
පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර 97,871කින් පරිශ්‍ර 25,626ක් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර, ඉන් පරිශ්‍ර 6,268ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇත.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවට අනුව, කර්මාන්තශාලා සහ ඉදිකිරීම් බිම් ආශ්‍රිතව වැඩිම කීට ප්‍රතිශතයක් වාර්තා වී තිබේ.
මීට අමතරව, මදුරුවන් බෝවන ලෙස පවත්වාගෙන ගිය පරිශ්‍ර 21,025ක් එම අවස්ථාවේදීම පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර, රතු නිවේදන 3,348ක් නිකුත් කර තිබේ.
සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළ පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගෙන ඇත.
ජනතාව තම නිවාස හා අවට පරිසරය නිරන්තරයෙන් පිරිසිදුව තබාගෙන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වගකීමෙන් කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments