Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.
අද (12) පෙරවරු 4.00 සිට හෙට (13) පෙරවරු 4.00 දක්වා ඉදිරි පැය 24 සඳහා මෙම කහ පැහැති පළමු මට්ටමේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව සඳහන් වේ.
අනතුරු ඇඟවීම නිකුත් කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.
 කලුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර
 මහනුවර දිස්ත්‍රික්කය – දොළුව
 නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව
 රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන සහ නිවිතිගල
අදාළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments