Homeසියලුම පුවත්SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමට මෙතෙක් තීරණයක් නෑ - නීතිපති

SDIG වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමට මෙතෙක් තීරණයක් නෑ – නීතිපති

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තැබීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තැබීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරුණ ජයසුන්දර මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී හේරත් මහත්මිය අධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.
අනතුරුව අදාළ පෙත්සම ලබන බදාදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළ බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments