උපරිමාධිකරණයේ පවතින විනිසුරුවරුන්ගේ පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයා වෙත ලිපියක් භාර දී තිබේ.
අද (12) පාර්ලිමේන්තුවේදී එම ලිපිය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇති බව වාර්තා වෙයි.
අදාළ ලිපිය මගින්, ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට මෙම කරුණ ඉදිරිපත් කර අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා ඇති බව සඳහන් වේ.
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්

