Homeසියලුම පුවත්හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්


අබ්බාස් අරාග්චි මහතා පවසන්නේ, ඉරානය සහ එක්සත් ජනපදය අතර පවතින ගැටුම අවසන් කිරීම සඳහා වන එකඟතාව අවසන් අදියරට පැමිණ ඇති අතර, එහි කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම පිළිබඳවද අවධානය යොමුව ඇති බවයි.
රාජ්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඉරානයට එරෙහිව පනවා ඇති අමෙරිකානු සම්බාධක ඉවත් කිරීම ද මෙම එකඟතාවට ඇතුළත් වන අතර, න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බවය.
කෙසේවෙතත්, අමෙරිකානු පාර්ශ්වය පෙන්වා දී ඇත්තේ ඉරානයට ලබාදෙන ආර්ථික සහන එරට ගිවිසුම්ගත වගකීම් ඉටු කිරීම මත රඳා පවතින බවයි.
මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර ඇත්තේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බැවින් සැලසුම් කළ ප්‍රහාර කිහිපයක් අවලංගු කළ බවත්, ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට හැකිවනු ඇති බවත්ය.
එහෙත්, ඉරාන මාධ්‍ය වාර්තා කළ ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ට්‍රම්ප් මහතා විරෝධය පළ කරමින් ඒවා එකඟ වූ කොන්දේසි සමඟ නොගැළපෙන බවද සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments