Homeසියලුම පුවත්විශේෂ මෙහෙයුම්වලදී 686ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම්වලදී 686ක් අත්අඩංගුවට

පොලිසිය විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් යටතේ ගතවූ දිනයේ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 686 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෙම මෙහෙයුම්වලදී පුද්ගලයින් 28,566 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර, අපරාධවලට සෘජුව සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 18 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම බීමත් රියදුරන් 60 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් 171 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
මේ අතර, “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සිදුකළ වැටලීම්වලදී තවත් පුද්ගලයින් 926 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත්

RELATED ARTICLES

Most Popular

Recent Comments