Homeසියලුම පුවත්ගාලු මුවදොරදී නව ගිනස් ලෝක වාර්තාවක්

ගාලු මුවදොරදී නව ගිනස් ලෝක වාර්තාවක්

ගාලුමුවදොර පිටියේදී අද (14) පැවති “සංගමම් 2026” භරත නාට්‍ය උත්සවය නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
මෙම වාර්තාගත අවස්ථාව සඳහා භරත නාට්‍ය කලාකරුවන් 4,988 දෙනෙකු සහභාගි වී ඇති අතර, මීට පෙර කලාකරුවන් 416 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තබා තිබූ වාර්තාව බිඳ දැමීමට එමගින් හැකිව ඇත.
වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතාගේ සංකල්පයකට අනුව මෙම උත්සවය සංවිධානය කර ඇති අතර, ඉන්දියාවේ “සංගමම් ග්ලෝබල් ඇකඩමි” සහ ශ්‍රී ලංකාවේ “සංගමම් ලියා හොලිඩේස්” ආයතන එක්ව එය සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව නියෝජනය කරමින් කලාකරුවන් රැසක් මෙම උත්සවයට එක්වූ අතර, එක්සත් රාජධානියේ සිට පැමිණි ගිනස් ලෝක වාර්තා ආයතනයේ නිල විනිශ්චයකරු රිෂි නාත් මහතා විසින් වාර්තාගත උත්සාහය නිරීක්ෂණය කර ඇත.
ඉන් අනතුරුව නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාව හිමිකරගත් නව ගිනස් ලෝක වාර්තාව සනාථ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments